Wednesday, October 18, 2017

Payza ගිණුමක් හදාගන්නා ආකාරය.

PAYZA  කියන තැන click කරලා site එකට යන්න. ඊට පස්සේ sing up කියන තැන click කරන්න.
home-pay
මේ තිරයෙන් ඔබේ රට ලෙස ශ්‍රී ලංකාව තෝරා ගිණුම් වර්ගය ලෙස Personal තෝරන්න. අපේ වැඩ කටයුතු හැම එකක්ම වගේ Personal ගිණුමකින් කර ගන්න පුලුවන්. Business ගිණුමක් හැදුවොත් verify කරගන්න එක ටිකක් කචල්. එක එක document වර්ග ගොඩක් ඉදිරිපත් කරන්න වෙනවා. ඒ නිසා Personal ගිණුමක් හදා ගන්න.

select-account
දැන් මතුවන තිරයෙන් මෙන්න මේ තොරතුරු ලබා දෙන්න. මෙහිදී ඔබේ සත්‍ය තොරතුරු ඇතුළත් කරන ලෙස නැවත වරක් මතක් කරන්නට කැමතියි.

personal-account
නිවැරදිව පිරෙව්වට පස්සේ Get Started වෙත යන්න.

valdation
ඊළගට තියෙන්නේ ඔබේ Payza ගිණුමට ලබා දුන් Email ලිපිනය තහවුරු කිරීම. දැන් ඔබේ Email ගිණුමට ගිහින් මේ විදියට ලැබිලා තියෙන Email එක open කරගන්න.

email-validation-1024x45
එහි ඇති validation link එක click කරන්න. එවිට ඔබව නැවතත් Payza වලට රැගෙන යාවි.

validat
දැන් තියෙන්නේ ඔබේ පෞද්ගලික තොරතුරු ඇතුළත් කරන්නයි. මෙහිදීත් ඔබේ සත්‍ය තොරතුරු පමණක් ඇතුලත් කරන ලෙසට මතක් කරන්න කැමතියි.

profile-fill
ඔතැනින් Complete Profile Setup වෙත යන්න. ඊට පස්සේ මේ වගේ තිරයක් මතු වේවි.

why-complete
දැන් Get Started වෙත යන්න. මේ තිරය මතු වේවි.

profession
එහි ඔබේ රැකියා ක්ෂේත්‍රයත් ඔබේ රැකියාවත් ඇතුළත් කරන්න. එකට computer Related (Internet) කියන එක තෝරලා  දෙන්න.
ඊළඟට මේ තොරතුරු ඇතුළත් කරන්න.

address
postal code එක දන්නේ නැත්නම් මෙතන click කරලා හොයාගන්න
ඔබේ දුරකථන අංකය ඇතුලත් කිරීම තමයි ඊළඟ පියවර.

phone-no
දැන් ඔබේ Payza ගිණුමේ ආරක්ෂාවට අදාළ තොරතුරු ඇතුළත් කිරීමයි කළ යුත්තේ.

security
දුන්නා වගේ නෙවෙයි මේ Security Question එකට අදාළ පිළිතුර, Pin අංකය නම් හොඳින් මතකයේ තියාගන්න. මෙව්වා හැම ගනුදෙනුවකදී ම වගේ අවශ්‍ය වෙනවා.
දැන් මුලික කටයුතු ඉවරයි.

done
Take me home වලට යන්න. එතකොට ඔබව මෙන්න මේ තිරයට ගෙන යාවි.

adv-sec
මේකේ ඔබට කැමති Message එකක් Type කරලා ඔබේ Transaction Pin එක යොදලා තහවුරු කරන්න. ඕනෙම නම් Edit Avatar ඔස්සේ ඔබේ Payza Avatar එක ගොඩ නඟා ගන්න. (අපි වගේ පොඩි එවුන්ට ඉතින් ඔව්වා magic 🙂 )
මේ හැම දෙයක්ම කළාට පස්සෙත් ඔබේ Personal Area එකේ ඉහළින් වැටිලා තියෙන්නේ, Personal Unverified කියලයි.







unv.


Payza ගිණුම VERIFY කරගමු.

 මුලින් කියපු විදියට payza කියලා කියන්නේ අන්තර්ජාල බැංකු ගිණුමක්,ඔයාලා ගොඩක් මහන්සි වෙලා adds click කරලා උපයගන්න මුදල් ලංකාවටම ගෙන්න ගන්න තියෙන එක ක්‍රමයක් තමයි මේ.ඒත් ඔයාලා payza ගිණුමක් සක්‍රිය කරගත්ත පමණින් ඔයාලට මේ කාර්යය කරගන්න බැහැ.ඒකට සම්මත ක්‍රමවේදයක් තියෙනවා.ඒක ගැන තමයි මේ කථා කරන්න යන්නේ.

දැන් $500 ක් දක්වා ගනුදෙනු කරන තුරු ඔබට Payza Verification කරන්න දෙන්නේ නැහැ. $500 ක් දක්වා ගනුදෙනු කලාට පස්සේ ඔබේ ගිණුම Verify කරගන්න.

මුලින්ම ඔය පහළට තියෙන පොඩි ඊතලය click කළාම මතු වෙන drop down menu එකෙන් Verification තෝරන්න.
ver

ඒකෙන් ගියාම ඔබව මෙන්න මේ තිරයට ගෙන යාවි.
verify

මේ කියන්නේ Payza එක Verify කරන්න නම් මුලින්ම මේ හතරෙන් එකක් කරන්න ඕනේ කියන එකයි.
  • ඔබ Payza වලට Credit/Debit Card එකක් සම්බන්ධ කිරීමෙන්.
  • ඔබේ Payza ගිණුමට මුදල් යෙදවීමෙන්.
  • යම් අයෙකුට මුදල් යැවීමෙන්.
  • යම් අයෙකුගෙන් මුදල් ලබා ගැනීමෙන්.
අළුත් කෙනෙකුට කරන්න පුලුවන් පහසුම දේ තමයි,
මෙතැන දෙවෙනියට තියෙන Add Funds ගිහින් ඔබේ Credit/Debit Card එකෙන් පොඩි මුදලක් Payza එකට යොදවන එක.
මොන ක්‍රමයෙන් හරි මේක කර ගත්තට පස්සේ තියෙන්නේ මේ Verification කියන තැනට ඇවිත්,
  • ඔබේ අනයන්‍යතාවය තහවුරු කිරීම සඳහා විදේශ ගමන් බලපත්‍රයේ හෝ රියදුරු බලපත්‍රයේ Scanned Copy එකක් සහ
  • ඔබේ ලිපිනය තහවුරු කිරීම සඳහා මාස තුනක් ඇතුලත ඔබට ලැබුණු විදුලි බිලක්, ජල බිලක්, දුරකථන බිලක් හෝ බැංකු / Credit Card Statement එකක් මේ හරහා Upload කිරීමයි.
Upload කරලා දින 4-5ක් ඇතුළත කොහොමත් Verify  වෙනවා.

Payza වලට ඔබේ Credit/Debit Card එක සම්බන්ධ කිරීම.

Payza Home එකේ වම් පස Wallet > Credit Card වෙත යන්න. එවිට මෙවන් තිරයක් මතු වේවි.
credit-card
එහි ඔබේ නම, Visa Card අංකය, Card පත Expire වන මාසය සහ වර්ෂය, Card පත සඳහා අදාළ මුදල් ඒකකය (USD) යොදන්න.   ඉන්පසුව ඉදිරියට ගිහින් Confirm කරලා වැඩේ ඉවර කරන්න.
වැදගත්:
  • Payza වලට MasterCard සම්බන්ධ කිරීමේ හැකියාවක් නැත. ඒ නිසා Neteller Net+ Card එක මේ වැඩේට පාවිච්චි කරන්න බැහැ.
  • සාමාන්‍යයෙන් Verified ගිනුමකදී නම් Card එකෙන් මාසෙකට Payza වලට යොදවන්න පුළුවන් මුදල $1000 යි. මෙන්න මේ limit එක වැඩි කරගන්නට ඕනේ නම් Card එක Validate කරන්න ඕනේ. ඒකට Card Statement එකයි, Card එකේ ඉදිරිපස හා පසුපස scanned copies දෙකකුයි ඕනේ වෙනවා.
  • Payza වලට කෙලින්ම Credit/Debit Card වලින් මුදල් යොදන එක වියදම් අධික වැඩක්. ඒ නිසා පුළුවන් හැම විටම exchanger කෙනෙක් පාවිච්චි කරන එක තමයි වඩාත් සුදුසු වෙන්නේ. ඒකට මම පාවිච්චි කරන සේවාව ගැන මේ ලිපියේ අන්තිමට ඇති.

Payza වලින් මුදල් ලංකාවට ගෙන්වා ගැනීමට ඔබේ බැංකු ගිණුම හා සම්බන්ධ කිරීම.

මුලින්ම Wallet > Bank Accounts වෙත යන්න.
bank

Add Bank Account තිරය මේ විදිහට විවෘත වේවි. එහි මේ තොරතුරු ඇතුළත් කරන්න.
bank-account

ගිණුම් අංකය, SWIFT අංකය නිවැරදිව ලබා දෙන්න. මෙච්චර කරලා වෙන කාගේහරි එකක් දෙන්න එපා ඉතින්.bank-account2
දැන් හරි.

Payza වලට මුදල් තැන්පත් කිරීම

ලංකාවේ අපිට බැංකු හරහා කෙලින්ම Payza වලට මුදල් යොදවන්නට බැහැ. ඒත් අපේ Credit/Debit Cards පාවිච්චි කරලා ලේසියෙන්ම Payza වලට මුදල් යොදවන්න පුළුවන්.

add-funds
මගේ අද්දැකීමේ හැටියට Payza වලට මුදල් තැන්පත් කරන්න තියෙන අවම Transaction fee එකක් තියෙන විදිහ තමයි විස්වාසවන්ත Exchanger කෙනෙක් පාවිච්චි කරන එක. අවස්ථාවාදී Exchangers ලත් ඉන්නවා. ඒ නිසා ගොඩක් පරිස්සමින්.

Payza වලින් මුදල් ආපසු ලබා ගැනීම

Payza වලින් මුදල් ආපසු ගන්න ක්‍රම කීපයක්ම පාවිච්චි කරන්න පුළුවන්. පහසුම විදිහ තමයි අපේ Credit Card එකටම ගන්න එක. අනිත් විදිහ තමයි අපේ බැංකු ගිණුමට Wire Transfer එකක් හරහා ගෙන්වා ගන්න එක.

withdraw
Transaction cost එක අවම විදිහ තමයි ඔයාගේ බැංකු ගිණුම හා සම්බන්ධව තියෙන Debit Card එකකට ගෙන්වා ගන්න එක. Payza වලින් මුදල් ආපසු ගන්න වඩාත් වේගවත්ම ක්‍රමයත් මේකම තමයි. මේකට ඔයාගේ Card එක Validate කරන්න ඕනේ නැහැ.

Payza වලට අදාළ Fees

මේ තියෙන්නේ Payza ගිණුම් වලට ලංකාවේ අපිට අදාළ Fees ගැන සටහනක්…
fees
Payza වලට අපේ Credit/Debit Cards වලින් සල්ලි දාන කොට Bank Fees එහෙමත් එක්ක සෑහෙන ලොකු transaction cost එකක් තියෙනවා. මට හරිම ගණන ගැන අදහසක් නැහැ. දළ වශයෙන් 8-10% ක් වගේ කැපුණු අවස්ථාත් තිබුණා.


No comments:

Post a Comment

Contact Us

Name

Email *

Message *