Tuesday, July 28, 2015

SEO වලට Meta Keywords වැදගත්ද?

අද ලිපියෙන් අපි කථා කරන්න යන්නේ SEO වලට meta keyword වැදගත්ද නැත්ද යන්නයි.. හුගක් අය ඇත්තටම හිතාගෙන ඉන්නේ SEO කියන්නේ meta keyword සහ meta description වලට විතරයි කියලා. එය සම්පුර්ණයෙන්ම වැරදි අදහසක්. Meta keyword සහ meta description කියන්නේ SEO වල තියන කුඩා කොටසක් විතරයි.
meta keywords

Meta keywords, SEO වලට වැදගත්ද?

සරලව කියනවනම් වර්තමානයේ නම් Meta keywords, SEO වලට වැදගත් නැත. Google ඔබගේ අඩවියේ ඇති meta keywords ගන්නේ නෑ වෙබ් අඩවි rank කරන්න.
මේ පහතින් තියෙන්නේ Google Webmster official blog එකේ 2009/11/21 පල කරන ලද ලිපියක්.

Q: Does Google ever use the “keywords” meta tag in its web search ranking?
A: In a word, no. Google does sell a Google Search Appliance, and that product has the ability to match meta tags, which could include the keywords meta tag. But that’s an enterprise search appliance that is completely separate from our main web search. Our web search (the well-known search at Google.com that hundreds of millions of people use each day) disregards keyword metatags completely. They simply don’t have any effect in our search ranking at present.
Q: Why doesn’t Google use the keywords meta tag?
A: About a decade ago, search engines judged pages only on the content of web pages, not any so-called “off-page” factors such as the links pointing to a web page. In those days, keyword meta tags quickly became an area where someone could stuff often-irrelevant keywords without typical visitors ever seeing those keywords. Because the keywords meta tag was so often abused, many years ago Google began disregarding the keywords meta tag.
Q: Does this mean that Google ignores all meta tags?
A: No, Google does support several other meta tags. This meta tags page documents more info on several meta tags that we do use. For example, we do sometimes use the “description” meta tag as the text for our search results snippets, as this screenshot shows:
Even though we sometimes use the description meta tag for the snippets we show, we still don’t use the description meta tag in our ranking.
Q: Does this mean that Google will always ignore the keywords meta tag?
A: It’s possible that Google could use this information in the future, but it’s unlikely. Google has ignored the keywords meta tag for years and currently we see no need to change that policy.
ඉතින් ඔබට තේරෙනවා ඇති SEO ගැන ගොඩක් වැරදි මත තියනවා කියල ඔබ තාමත් Meta Keywords ගොඩක් වැදගත් කියල හිතාගෙන හිටියනම්. නමුත් ඔබ ඔබගේ බ්ලොග් අඩවියට meta keywords දැම්ම කියලා ප්‍රශ්නයක් වෙන්නේ නෑ. නමුත් එය අනවශ්‍ය දෙයක්.
Meta description නම් SEO වලට වැදගත් නිසා අපි ඊලග ලිපියෙන් meta description ගැන කථා කරන්න බලාපොරුත්තු වෙනවා.

SEO වලට Meta Description එකේ ඇති වැදගත්කම

අපි මීට කලින් SEO ගැන ලිව්වා ලිපියෙන් Meta Keywords වලින් SEO වලට වැදගත්කමක් නෑ කියලා සදහන් කරා. අද බලමු Meta Description, SEO වලට බලපානවද නැත්ද කියලා.
meta description
Meta Description එක ඇතුලත් කරන්න ඕනෑ tag එක ඇතුලට.
{code type=html}



{/code}
ඔබ Blogger සේවාව පාවිච්චි කරත් WordPress සේවාව භාවිතා කරත් ඔබ post එකක් ලියන අවස්ථාවේම Meta Description එක පහසුවෙන් ඇතුල් කරන්න පුළුවන්.
හුගක් වෙලාවට අපි මොනවා හරි Google එකේ search කරාම වෙබ් අඩවියේ title එකට යටින් පෙන්නනේ Meta Description එක.
meta

Meta Description එක දැමීමේදී සැලකිලිමත් විය යුතු කරණු

1. ඔබ අදාළ post එකට target කරන keywords අනිවාර්යෙන්ම Meta Description එකට ඇතුලත් කරන්න. ඒ වගේම එම words, Meta Description එකේ ඉදිරියට ගන්න බලන්න. ඒ කිව්වේ Meta Description එකේ මුල්ම වචන 3,4 ට එම keywords දාන්න උත්සහ කරන්න.
2. Meta Description එක අකුරු 150 ත් 160 ත් අතර අතර ගණනක තියාගන්න උත්සහ කරන්න. එම අකුරු ගණන තමයි Meta Description එකක් ලියන්න වඩාත්ම සුදුසු.
3. එකම Meta Description එක post දෙකකට ඇතුලත් කරනන් එපා.

SEO වලට Title Tag එකේ ඇති වැදගත්කම

Title Tag එක කියන්නේ SEO ගැන කථා කරන විට අමතක කරන්නම බැරි SEO වලට ඉතාමත් වැදගත් tag එකක්.
title tag
Title එක ඇතුලත් කරන්න ඕනෑ head tag එක ඇතුලට.
{code type=html}


{/code}
සාමාන්‍යයෙන් Google එකේ search කරාම වෙබ් අඩවියේ title එක විදියට පෙන්නන්නේ මේ Title tag එක ඇතුලට අපි ඇතුලත් කරන දේ.
title tag
කියවන්න : SEO වලට Meta Keywords වැදගත්ද?
කියවන්න : SEO වලට Meta Description එකේ ඇති වැදගත්කම

Title Tag එක දැමීමේදී සැලකිලිමත් විය යුතු කරණු

1. ඔබ අදාළ post එකට target කරන keyword එක අනිවාර්යෙන්ම Title එකට ඇතුලත් කරන්න . ඒ වගේම ඔබ එම keyword එක Title එකේ මුලට ගන්න බලන්න.
2. Title එකට අකුරු 50ත් 70ත් අතර අකුරු ප්‍රමානයක් ඇතුලත් කරන්න.
3. එකම Title එක post දෙකකට ඇතුලත් කරනන් එපා.
4. කව්රු හරි Google එකේ search කරලා ඔබගේ බ්ලොග් post එකකට අවොත් එන්නේ ඒ ඔබගේ Title එක කියවලානේ. ඒ නිසා Title එකට ටිකක් සිත් ඇද ගන්නා විදියට දමන්න.
5. The, an, and, but, of, he වගේ වචන Title tag එකෙන් අයින් කරන්න. ඒ උනාට එහම අයින් කරන්න ඕනේ Title එකේ තේරුමක් නැති වන විදියට නෙවේ.

ඔබගේ Post එකේ වචන කීයක් තියෙන්න ඕනෙද? | On-Page Optimization

On-Page Optimization ගැන කථා කරන විට ඔබ post එකට දමන වචන ගණන පිළිබදවද සැලකිලිමත් විය යුතුයි. ඇත්තටම මෙම වචන ගණන හුගක් විට ඔබගේ බ්ලොග් අඩවියේ topic එක අනුව වෙනස් වෙනවා. ඒ කියන්නනේ ඔබ මොනවා ගැනද ලියන්නේ යන්න මත ඔබ ඒ සදහා ලිවිය යුතු වචන ගණන තීරණය වෙනවා.
on-page seo
උදාහරනයක් විදියට ඔබ පවත්වාගෙන යන්නේ Blogger Templates ගැන බ්ලොග් අඩවියක් නම් ඔබට ඒ සදහා වචන 500 ක වගේ post එකක් ලියන්න බෑනේ.
උදාහරණයකට අපි හිතමු ඔබ technology blog එකක් කරනවා කියල. එහමනම් ඔබට අඩුම වශයෙන් වචන 300කට වඩා ඔබගේ post එකට ඇතුලත් කරනන් වෙනවා.
ඔබට තිබෙන්නේ blogging tips බ්ලොග් එකක් නම් ඔබට වචන 300 උනත් ප්‍රමාණවත් වෙන්නේ නෑ. දැනට තියන හුගක් blogging tips විශේෂයෙන් එක post එකකට වචන 1000ක් පමණ ඉදිරිපත් කරනවා. හුගක් විට එවැනි බොහෝ බ්ලොග් අඩවි වල අයිතිකාරයන් ඉන්දියානු ජාතිකයන්. ඉතින් ඔබට ඔහුන් සමගයි තරග කරන්න වෙන්නේ. ඔබගේ සතුරා ගාව තියෙන්නේ කඩුවක් නම් ඔබ පිහියක් අරගෙන ගිහින් සටන් කරන්න අමාරුයි. ඒ නිසා ඔබට ඔහුන් සමග සටන් කරන්න ඔබත් වචන 1000කට වඩා වැඩි post ලියන්න අවශයි.
දැන් ඔබට තෙරන්වා ඇති post එකට දමන වචන ගණන තීරණය වෙන්නේ ඔබ ලියන්නේ මොනවා ගැනද යන්නයි. Images blog, blogger templates blog, video blogs වගේ විශේෂ බ්ලොග් වලට අමතරව අනිත් බ්ලොග් වලටනම් ඔබට අවම වශයෙන් වචන 300ක් වත් ලියන්නම වෙනවා. එහම නැතිව search engine වල අවදානය දිනා ගන්න අමාරුයි.

Blog එක හදන්න හොද Topic එකක් තෝරා ගැනීම

SEO ගැන අපි අද ඉදලම පටන් ගන්න හිතුවා. ඔබ බ්ලොග් එකේ ලියන්න යන දේ වගේම ඒ සදහා ඔබ යොදාගන්න Domain Name එකත් SEO වලට සමබන්ද නිසා ඒ ගැන මුලින්ම කථා කරමු.

ඔබගේ බ්ලොග් එකට හොද Topic එකක් තෝරාගන්නේ කොහමද?

on-page seo
1. ඔබට දැනුමක් තියන දෙයක් පිලිබදව ලියන් පටන් ගන්න. ඔබට දැනුමක් නැති දෙයක් ගැන බ්ලොග් එකක් පටන් ගත්තත් ඔබ කොහමද ඒ බ්ලොග් එක update කරන්නේ? අනික ඔබට හොද බ්ලොග් එකක් හදනන් ඕනෙනම් ඔබගේ බ්ලොග් එකේ තියන කරුණු නිවැරදි වෙන්න ඕනෑ. සරලව කියනවනම් ඔබට හොද දැනුමක් නැති දෙයක් ගැන හොද බ්ලොග් එකක් හදන්න අමාරුයි.
2. ඔබ කැමති දෙයක් ගැන ලියන්න පටන් ගන්න. ඔබට දැනුමක් තිබුනත් ඔබ අකමැති දෙයක් ගැනලියන්න පටන් ගත්තොත් ඔබට ඉක්මනට බ්ලොග් ලියන එක එපා වෙලා යනවා. ඒ නිසා හැම වෙලේම ඔබ කැමති දෙයක් ගැන ලියන් පටන් ගන්න.
3. පොඩි Topic එකක් තෝරාගන්න. මෙතැන් අපි පොඩි Topic එකක් කියලා අදහස් කරේ technology වගේ විශාල පරාසයක් දක්වා පැතිරෙන Topic එකක් පටන් ගන්න එපා කියන්නයි. මොකද ඔබ එවැනි Topic එකක් තෝරගත්තම ඔබට software,wondows,mobile වගේ විශාල පරාසයක් ආවරණය කරනන වෙනවා. තනියෙන් එවැනි දෙයක් කරනන් ගොඩක් අමාරුයි. ගොඩක් සාර්ථක වෙලා තියන techcrunch වගේ technology බ්ලොග් දවසකට post 10 ක් වගේ දානවා. ඒ නිසා ඔබ පොඩි පරාසයක් තියන topic එකක් තෝරාගන්න . ඒ කිව්වේ technology වලින් කඩා ගන්න mobile වගේ topic එකක්. Mobile වලිනුත් කඩලා ගන්න Android වගේ topic එකක්. ලියන්න පටන් ගණන android ගැන. මේ ඉතාමත් සරල උදාහරනයක් පමණයි.
ඉතින් ඔබ එහම andorid ගැන ලියන්න ගත්තම ඔබට ලියන්න වෙන්නේ android ගැන විතරයි. ඒ උනාට ඔබගේ අඩවියට එන්නේ andorid ගැන හොයන්න ඕනෑ අය විතරයි. ඉතින්එයාල එක ලිපයක් බැලුවම තව ලිපියකුත් අනිවාර්යෙන් බලනවා. ඔයාලගේ බ්ලොග් එකේ traffic වැඩිකරගන්න පුළුවන් ලේසියෙන්ම.
ඒ වගේම ඔබට මුදල් හොයන්නත් ලේසි ඒ වගේ බ්ලොග් එකකින්. උදාහරණයකට අපි Google Adsense ගනිමු. ඔබගේ Android Blog එකේ ප්‍රදර්ශනය වන Adsense Ad වලින් අඩුම ගනනේ 90%ක් වත් Mobile හෝ android වලට සම්බන්ද Ads. ඔබගේ ලිපි කියවන අයත් Android ගැන දැනගන්න අපු අය. ඉතින් එයාලා Ad එකක් click කීරීමේ සම්භාවිතාව ගොඩක් වැඩි. ඒ වගේම අපිහිතමු ඔබ direct advertiement ඔබගේ බ්ලොග් එකේ දානවා කියලා. ඔබගේ බ්ලොග් එකට හොද traffic එකක් තියනවනම් android apps හදන අයගෙන් ඔබට ඉතාමත් පහසුවෙන් Ad ගන්න පුළුවන්. ඒ වගේම හොද මිලක් නියම කරන්නත් පුළුවන්, මොකද Ad එක ඔයාට දෙන කෙනා හොදමට දන්නවා ඔයාගේ බ්ලොග් එකට එන අය ඔක්කම වගේ android phone එකක් තියන android ගැන හොයන්න එන අය කියල. නමුත් ඔබ technology වගේ ලොකු පරාසයක් තියන බ්ලොග් එකක් කරාම මේ වාසිය නෑ.

Domain Name එකක් තෝරාගැනීම

අපි මීට කලින් ඔබගේ වෙබ් හෝ බ්ලොග් අඩවියට ගැලපෙන Domain Name එකක් තෝරා ගන්නේ කොහමද කියල ලිපයක් ලිව්වා. ඒක කියවන්න. ඒ වගේම ඔබගේ domain name එකට අදාළ topic එක ඇතුලත් කරන්න උපරිම උත්සහකරන්න. ඒ කිව්වේ android ගැන බ්ලොග් එකක් නම් androidtips.com, androidtricks.com, myandroidblog.com, androidappzone.com, bestandroidapps, androidgames වගේ නම්.

SEO කියන්නේ මොකද්ද?

SEO එහමත් නැත්තම් search engine optimization කියන්නේ search engine වලට ඔයාගෙ සයිට් එක හසු වීමේ ප්‍රවණතාවය වැඩි කිරීමේ ක්‍රියාවලිය කියලා සරලව හදුන්වන්න පුළුවන්. හුගක් අයගේ වැරදි මතයක් තියනවා meta description එක සහ meta keywords දාන එක තමයි SEO කියන්නේ කියලා. එක සම්පුර්න වැරදි අදහසක්. Meta description එක දානව කියන්නේ SEO වලින් 1%ක් වගේ පොඩි දෙයක්. SEO සම්බන්දව තව කරන්න ඕනෑ දේවල් ගොඩක් තියනවා. අපි ඒ නිසා SEO සම්න්බදව ලිපි 20 ක් පමණ ඉදිරියට දමන්න බලාපොරුත්තු වෙනවා.
Special Note : මෙම සියලුම ලිපි අපි පෙලගසවන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියන බ්ලොග් වලට search engine ( විශේෂයෙන් Google) වලින් අසීමිත traffic එකක් ගන්න පුළුවන් වෙන්න කරනන් ඕනෑ දේවල් ගැනයි.
what is seo
SEO ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්.

1. On-Page Optimization

On-Page Optimisation කියන්නේ අපි අපගේ බ්ලොග් එක තුල ඉදන් කරන්න පුළුවන් දේවල් ගැනයි. ඒ කියන්නේ අපි කොහමද ලිපියක් ලියන්නේ, කොහමද Meta description එක දන්නේ වගේ ඒවා. අපි On-Page Optimisation ගැන ලිපි 10ක් පමණ මෙම මාස දෙක ඇතුලත් දමන්න බලාපොරුත්තු වෙනවා.

2. Off-Page Optimization

Off-Page Optimisation කියන්නේ බ්ලොග් එකෙන් පිටත අපිට කරන්න පුළුවන් දේවලුයි. ඒ කියන්නේ backlinks හදන්නේ කොහමද වගේ ඒවා. Backlink කියන්නේ මොනවද වගේ සියලුම දේවල් On-Page Optimisation ලිපි මාලාව ඉවර කර සැනින් අපි මෙම බ්ලොග් එක හරහාම ඔබට ඉදිරිපත් කරනවා.

SEO සිංහලෙන්

SEO Tips

 

 

SEO කියන්නේ මොකද්ද?

Blog එක හදන්න හොද Topic එකක් තෝරා ගැනීම

 

On-Page Optimization

ඔබගේ Post එකේ වචන කීයක් තියෙන්න ඕනෙද?

SEO වලට Meta Keywords වැදගත්ද?

SEO වලට Meta Description එකේ ඇති වැදගත්කම

SEO වලට Title Tag එකේ ඇති වැදගත්කම

Contact Us

Name

Email *

Message *