SEO එහමත් නැත්තම් search engine optimization කියන්නේ search engine
වලට ඔයාගෙ සයිට් එක හසු වීමේ ප්‍රවණතාවය වැඩි කිරීමේ ක්‍රියාවලිය කියලා
සරලව හදුන්වන්න පුළුවන්. හුගක් අයගේ වැරදි මතයක් තියනවා meta description
එක සහ meta keywords දාන එක තමයි SEO කියන්නේ කියලා. එක සම්පුර්න වැරදි
අදහසක්. Meta description එක දානව කියන්නේ SEO වලින් 1%ක් වගේ පොඩි දෙයක්.
SEO සම්බන්දව තව කරන්න ඕනෑ දේවල් ගොඩක් තියනවා. අපි ඒ නිසා SEO සම්න්බදව
ලිපි 20 ක් පමණ ඉදිරියට දමන්න බලාපොරුත්තු වෙනවා.
Special Note : මෙම සියලුම ලිපි අපි පෙලගසවන්නේ ඉංග්‍රීසි
භාෂාවෙන් ලියන බ්ලොග් වලට search engine ( විශේෂයෙන් Google) වලින් අසීමිත
traffic එකක් ගන්න පුළුවන් වෙන්න කරනන් ඕනෑ දේවල් ගැනයි.

SEO ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්.
1. On-Page Optimization
On-Page Optimisation කියන්නේ අපි අපගේ බ්ලොග් එක තුල ඉදන් කරන්න
පුළුවන් දේවල් ගැනයි. ඒ කියන්නේ අපි කොහමද ලිපියක් ලියන්නේ, කොහමද Meta
description එක දන්නේ වගේ ඒවා. අපි On-Page Optimisation ගැන ලිපි 10ක් පමණ
මෙම මාස දෙක ඇතුලත් දමන්න බලාපොරුත්තු වෙනවා.
2. Off-Page Optimization
Off-Page Optimisation කියන්නේ බ්ලොග් එකෙන් පිටත අපිට කරන්න පුළුවන්
දේවලුයි. ඒ කියන්නේ backlinks හදන්නේ කොහමද වගේ ඒවා. Backlink කියන්නේ
මොනවද වගේ සියලුම දේවල් On-Page Optimisation ලිපි මාලාව ඉවර කර සැනින් අපි
මෙම බ්ලොග් එක හරහාම ඔබට ඉදිරිපත් කරනවා.
No comments:
Post a Comment